Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හතුරුසිංහ ක්‍රිකට් ප්‍රධානීන් මත ගැ‍ටුමක්, හතුරුසිංහ ඉවතට ජෙරම් පුහුණුකරු තනතුරට

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු  ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබුණේ බංග්ලාදේශ තරගාවලියෙන් පසු ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු පුහුණුකාර මණ්ඩලය ඉවත් කරන ලෙසයි. 

පසුව එළඹෙන නවසීලන්ත තරඟ සංචාරය තෙක් එම පුහුණුකාර මණ්ඩලය රඳවා ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව කී‍්‍රඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. 

නමුත් නවසීලන්තය සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිළේ තාවකාලික පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න පත් කිරීමට තීරණය කර තිබෙනවා. චන්දික හතුරුසිංහ සමග පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවයි  ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ. 

කි‍්‍රකට් ප‍්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවේදී චන්දික හතුරුසිංහ මතගැටුම් ඇති වන ආකාරයේ ප‍්‍රකාශ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. චන්දික හතුරුසිංහ පිළිබඳ ගත් තීරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අද (06) නිල වශයෙන් දැනුම් දීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu