Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැලක ගින්නක්, ගොඩනැඟිල්ලක් සම්පූර්ණයෙන් විනාශයි


මා
තර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ලේ ඇති වූ හදිසි ගින්නකින් එහි දෙමහල් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශවී ගොස් ඇති බව වාර්තා වනවා. 

කිසියම් පිරිසක් විසින් මෙම ගොඩනැඟිල්ලට ගිනි තැබුවේද යන්න සැකකරන බවත් එම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලීසිය පවසන බව වාර්තා වනවා. 

මෙම ගොඩනැඟිල්ලේ  ක්‍රීඩා භාණ්ඩ, ක්‍රීඩා කිරීම සඳහා භාවිත කරන රුපියල් ලක්ෂ 10කට අධික වටිනා මෙට්ට, පාසල් මේස පුටු, විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් තිබී ඇති අතර ඒ සියළු දේ ගින්නෙන් විනාශ වී තිබෙනවා. පාසැල් භූමියේ ‍රැඳී සිටි සුනඛයෙකු ද ගින්නට හසු වී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

ගින්නෙන් විනාශ වූ ගොඩනැඟිල්ලේ පන්ති කාමර 5ක් පවත්වාගෙන ගොස් ඇති අතර එම පංති පැවැත්වීමට අපහසු තත්ත්වයක් මේ වන විට මතුව ඇති බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu