Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අත්හි‍ටුවා තිබූ විශ්‍රාමික දීමනාව ගැන තීරණයක්


වි
ශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3,000ක මාසික අන්තර් කාලීන දීමනාව ඔවුන් වෙත ලබා නොදීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සොයා බලනු ලැබුවා. ඒ අනුව ඊට අදාළ මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා භාණ්ඩාගාර නිලධාරීන්ට දැනුම් දී තිබුණා. 

එම උපදෙස් අනුව පශ්‍රාමිකයන් 679,960ක්  වෙනුවෙන් මේ මාසය සඳහා රුපියල් මිලියන 2,021ක ප්‍රතිපාදන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබෙනවා. 

ඒ හේතුවෙන් සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3,000ක මාසික අන්තර් කාලීන දීමනාව අද දිනයේ (16) සිට ඔවුන්ගේ ගිණුම් වෙත මුදා හැරීමට විශ්‍රාම වැ‍ටුප් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති. 

රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා තම විශ්‍රාම වැටුප ලබා ගන්නා විශ්‍රාමිකයන්ගේ බැංකු ගිණුම් වෙත අද දිනයේම මුදල් බැර කරන අතර තැපැල් කාර්යාල හා උපකාර්යාල මඟින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමිකයින්ට අනිද්දා (18) එම විශ්‍රාම වැ‍ටුප් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu