Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාකච්ඡා සාර්ථකයි- ලකුණ පු‍ටුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානගත වීමේ සාකච්ඡාවක් පැවැත්වුණා. එම  සාකච්ඡා සාර්ථක මට්ටමට පැමිණ ඇති බව ආරංචි මාර්ග වාර්තා කරනවා. ඒ අනුව ඉදිරි මහමැතිවරණය සඳහා නව සන්ධානයකින් පුටුව ලකුණින් තරග කිරීමට දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබෙනවා. මහ මැතිවරණයේදී සන්ධාන ගතවීම සඳහා වන ගිවිසුම ද  මේ වන විට සූදානම් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ සඳහා දෙපාර්ශවයම කැමැත්ත පළ කර ඇති බවද සඳහන්. මහ මැතිවරණයේ දී එසේ පු‍ටුව ලකුණින් තරඟ කල ද ජනාධිපතිවරණයේදී පවතින නීතිමය තත්වයක් මත පොහොට්ටුව ලකුණින් ගෝඨාභය රාජපක්ෂ මහතා තරඟ කරනු ඇති බව මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිල වශයෙන් දැනුම් දී ඇති බවද වාර්තා වනවා. 

ඒ හේතුවෙන් මහ මැතිවරණයේදී මෙම නව සන්ධානය සහ නව ලකුණෙන් තරග කරනු ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටිනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu