Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හදිසි තත්ත්වයක් නිසා ස්පා වසා දැමේ ?

බරණ ප්‍රදේශයේ ස්පා (SPA) ආයතනයක සේවය කරන පිරිමි අයෙකු හදිසියේ රෝගාතුර වීමෙන් හබරණ පොලිසිය මැදිහත්ව අද (12) දින පෙරවරුවේ අනුරාධපුර මහ රෝහලට  ඇතුළත් කර තිබෙනවා. ඔහු දිවයිනේ පළමුවෙන් සොයාගත් කොරෝනා වෛරසය ඇතුළු වූ ලාංකික පුරවැසියාට සම්බාහන ප්‍රතිකාරයක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. 

හබරණ නගර මධ්‍යයේ පිහිටි ස්පා (SPA) ආයතනයක හිමිකරුවෙකු හබරන පොලීසියට කර තිබූ දැනුම්දීමකට අනුව මෙම පුද්ගලයා රෝහල් ගතාකර ඇති අතර ආයතනයේ සේවය කළ තෙරපීවරයෙකු රෝගී තත්ත්වයක් පෙන්නුම් කරන බවත් ඔහු රෝගය වැළඳී ඇති පුද්ගලයාට විනාඩි විස්සක පමණ සම්බාහන සත්කාරයක් සිදු කර ඇති බවත් හිමිකරු පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා. 

එම සිද්ධියෙන් පසුව වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි අවශ්‍යතාවයක් සලකා හබරණ ප්‍රදේශයේ පිහිටි සියලුම සම්භාහන මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. එම සම්භාහන මධ්‍යස්ථාන ජිවානුහරණයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට මේ වනවිටත් දැනුම් දී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ. 

මීට දින කිහිපයකට ඉහත දී මෙම සම්භාහන නිලධාරියාගේ නිවසට සොරුන් ඇතුළුවී භාණ්ඩ රැගෙන ගොස් තිබෙනවා. එහිදී සිදු කළ විමර්ශන වලදී පොලීසියට දැනගත හැකි වූයේ ඔහුගේ නිවසේ තිබූ භාණ්ඩ සොරුන් විසින් ස්පර්ශ කිරීම් ආදී සිදුව ඇති බවයි. එමෙන්ම දැනට කොරෝනා වෛරසය ශරීරගතව ඇති සංචාරක මගපෙන්වන්නා සඳහා සම්බාහනය කළ තරුණයා එම දින සිට පසුගිය දින කිහිපය දක්වාම දෙස් විදෙස් බොහෝ දෙනෙකු සඳහා සම්බාහන ක්‍රියාවලියේ යෙදී තිබෙන බවත් අනාවරණය වී තිබෙනවා. 

මෙම හේතුව නිසා පොලිස් නිලධාරීන් ද දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu