Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නවලපිටියෙනුත් කොරෝනා රෝගීන් තිදෙනෙක් හමුවෙයි - කුරුණෑගල ආසාධිතයන් ඇසුරු කළ අය සොයාගැනීමේ අපහසුතාවක්


නාවලපිටිය ප්‍රදේශයේ නාවික හමුදා සෙබළුන් තිදෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා.

ඔවුන් තිදෙනා වැලිසර නාවික හමුදා කඳවුරේ සිට සිය ගම් ප්‍රදේශය වන නාවලපිටිය වෙත පැමිණි ස්වයං නිරෝධායනය වූ අය අතර පසුව ඊයේ (26) දිනයේ එම සෙබළුන් තිදෙනාට සිදු කළ PCR පරීක්ෂණයෙන් අනතුරුව කොරෝනා රෝගය වැලඳී ඇති බව තහවුරු වී තිබෙනවා.


නාවලපිටිය, දෙකිද අලුත්ගම ප්‍රදේශයේ සහ නාවලපිටිය, ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචිව අය වන අතර ඔවුන් ඊයේ දිනයේම වැලිසර නාවික හමුදා කඳවුර වෙත යොමු කර තිබෙනවා.

ඔවුන් පසුගිය 18 සහ 21 යන තෙදින තුල නිවාඩුවට පැමිණි ඇති අතර එම පිරිස් සමඟ සබඳතා පැවැත්වූ පවුල් කිහිපයක් ද ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අද වන විට කොරෝනා වෛරසය ආසාධනය වුවන් සහ ආසාධන වූ පිරිස් සමඟ ළඟින් ඇසුරු කළ බවට හමුවූ පුද්ගලයින් 326 දෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, පොල්ගහවෙල, මඩහපොල, නිකවැරටිය, කොටවෙහෙර, දුම්මලසූරිය, උඩුබද්දාව, මාවතගම, ගල්ගමුව, කුලියාපිටිය, මහව, වාරියපොළ, බණ්ඩාර කොස්වත්ත ආදී ප්‍රදේශවලින් මොවුන් හඳුනාගෙන ඇති බවයි.

එම කාර්යාලය පවසන්නේ ආසාධිතයින් දිස්ත්‍රික්කය පුරා විසිරි සිටින ඇති අතර එම පිරිස් හා සබඳතා පැවැත්වූ පිරිස් සොයාගැනීම අසීරු කරුණක් බවයි.

මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛරස ආසාධිතයන් 13 දෙනෙක් වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් පුද්ගලයින් 9 දෙනෙක්ම ආරක්ෂක අංශයේ පුද්ගලයන් ලෙසයි සැලකෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu