Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දින දෙකක් පාර්ලිමේන්තුව වසා දමයි - STF ආරක්ෂාවද ඉවත් කරයි

පාර්ලිමේන්තුව තුළ කොවිඩ් -19 වෛරසය පැතිර යාම වළැක්වීමට පාර්ලිමේන්තුව සඳුදා සහ අඟහරුවාද යන දෙදින තුළ වසා දමා ඇති බව වාර්තා වනවා. එසේම පාර්ලිමේන්තු පරිශ්‍රය විෂබීජහරණය කිරීමට ද පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව අද සහ හෙට දිනයේ දී පාර්ලිමේන්තු සංකීර්ණයේ සියළුම සේවක සේවිකාවන් රාජකාරියට පැමිණීම අවශ්‍ය නොවන බව දැනුම් දී තිබෙනවා.

තවද, පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටි විශේෂ කාර්ය බලකාය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ද විශේෂ කාර්ය බලකා සාමාජිකයින් ‍රැඳී සිටින ශ්‍රී ජයවර්ධනපුර කඳවුර හුදකලා කිරීමට ද තීරණය කර තිබෙනවා. ඒ එම කඳවුරේ අරක්කැමියෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu