Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ පැතිර යන කොවිඩ් වෛරස ප්‍රභේදයක් නිසා භයානක තත්ත්වයක්

න්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අමරාවතී සහ අකෝලා දිස්ත්‍රික්කවල සීඝ්‍රයෙන් පැතිරයන කොරෝනා වෛසංගතය ඉතා අස්වාභාවික බව එම ප්‍රාන්තයේ සෞඛ්‍ය උපදේශක වෛද්‍ය සුභාෂ් සාලුන්බේ පවසනවා. 

මේ වන විට ඉන්දියාවේන් විකෘති කොවිඩ් ප්‍රභේද 240ක් පමණ වාර්තා වනවා. ඒ අතරින් වෛරසයේ විකෘති ප්‍රභේදයන් ඉතා විශාල ප්‍රමාණයක් අමරාවතී සහ අකෝලා ප්‍රාන්තවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය උපදේශකවරයා පවසනවා.

මෙසේ හඳුනාගත් එක් ප්‍රභේදයක් වන E484Q ප්‍රභේදය  දකුණු අප්‍රිකාවෙන් සහ බ්‍රසීලයෙන් වාර්තා වූ වඩාත් භයානක වෛරස් ප්‍රභේදයක් වන E484K වර්ගයට බොහෝ දුරට සමාන බව ඔහු පවසනවා.

කෙසේ වෙතත් වෛරසයේ විකෘති ප්‍රභේද හමුවීම ඉන්දියාවට අළුත් දෙයක් නොවන බව පවසමින් මධ්‍යම රජයේ සෞඛ්‍ය බලධාරීන් මෙම සොයාගැනීම කෙරෙහි සැලකිල්ලක් දක්වා නැති බව වාර්තා වනවා. 

මෙම ප්‍රභේදවල බෝවීම ඉතා වේගවත් බවත් එමඟින් රෝගීන් ඉතා ඉක්මනින් නිව්මෝනියා තත්ත්වයට පත්වන බවත් වෛද්‍ය සුභාෂ් සාලුන්බේ පෙන්වා දී තිබෙනවා. එම නිසා අමරාවතී සහ අකෝලා ප්‍රදේශවල ව්‍යාප්තවන මෙම ප්‍රභේදය වඩාත් අනතුරු දායක බවයි ඔහු කියා සිටින්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu