Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අනාරක්ෂිත උඩතට්‍ටුවකින් වැටී තරුණියක් මරුට


ත්තරමුල්ල ප්‍රදේශයේ දී තරුණියක් නවාතැන්ගෙන සිටි ස්ථානයේ උඩතට්‍ටුවෙන් පහළට වැටීමෙන් මියගොස් තිබෙනවා. 

ඇය නිවිතගල ප්‍රදේශයේ පදිංචිකාරියක්. 

එම තරුණිය තවත් යෙහෙළියක් සමඟ නවාතැන්පලෙහි ‍රැඳී සිටි බවයි වාර්තාවන්නේ. ඇය ‍රැකියාව නිමවා පැමිණ කුස්සියේ සිට රාත්‍රී ආහාරය පිළියෙල කරමින් තිබෙනවා. ඒ අවස්ථාවේදී නානකාමරයේ සිටි ඇයගේ යෙහෙළියට කෑගසන හඬක් ඇසී පැමිණ බැලූ විට මෙම තරුණිය උඩුමහළින් වැටී ඇති බව දැක තිබෙනවා. එම ස්ථානයේ ආරක්ෂිත වැටක් හෝ තිබී නැති බවයි පැවසෙන්නේ. 

මියගිය තරුණිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කලමනාකරණ සහකාරිවරියක් ලෙස සේවය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu