Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රටම කතා කළ රාජකීය උපන්දින සාදය සැමරූ චන්දිමාල් ජයසිංහට කෝට්ටේ රජමහා විහාරයේදී ප්‍රදේශවාසීන් පහර දීලා

සුගිය දවස් වල රාජකීය උපන්දින සාදයක් පවත්වා සමාජයේ දැඩි කතාබහට ලක්වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ හට කෝට්ටේ රාජමහා විහාරයේදී ප්‍රදේශවාසීන් යම් පහරදීමක් සිදුකර එළවා දමා ඇති බවට පුවතක් වාර්තා වෙනවා.

චන්දිමාල් ජයසිංහ විසින් කෝට්ටේ රජමහා විහාරයේ පිහිටි කතරගම දේවාලයේ බස්නායක තනතුර ලබා ගැනීමට විහාරාධිපති හිමියන්ට විරුද්ධව පෙත්සමක් අත්සන් කිරීමට යාම හේතුවෙන් ප්‍රදේශවාසීන් මෙලෙස පහර දී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමේදී ලැබුණු තොරතුරුවලට අනුව සිද්ධිය සැකවින් මෙසේය.

මේ වසරේ කෝට්ටේ රජමහා විහාරයේ කතරගම දේවාලයේ බස්නායක තනතුර ලබාගැනීමට චන්දිමාල් ජයසිංහ දැඩි උත්සාහයක් දරා තිබෙනවා. නමුත් පසුගිය දවස්වල සමාජයේ දැඩි විරුද්ධත්වයක් දැක්වූ ක්‍රියාවන් ඔහු සිදුකළ නිසාවෙන් මෙන්ම බස්නායක නිලමේවරයෙකුට උචිත විනයක් ඔහුට නොතිබීම හේතුවෙන් මෙම තනතුර ලබාදීමේදී මහා සංඝරත්නය සහ කෝට්ටේ රජමහා විහාරයේ දායක සභාවද චන්දිමාල්ව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ හේතුවෙන් චන්දිමාල් ජයසිංහ විසින් මොනයම් හෝ ආකාරයකින් බස්නායක තනතුර ලබාගැනීමට උත්සාහයක් දරා ඇති අතර ඒ අනුව පසුගිය 15වනදා කෝට්ටේ රජමහා විහාරයේ විහාරාධිපති හා දායක සභාවට එරෙහිව පෙත්සමක් අත්සන් කිරීමට ඔහු කටයුතු කර ඇත. පසුවද 16වනදා ඔහු විසින් විහාරයේ භික්ෂූන් වහන්සේලා අතර සංඝභේදයක් ඇති කිරීමටද සුදානමින් සිට ඇති අතර මොනයම් හෝ ආකාරයකින් ඒ පිළිබඳව ප්‍රදේශවාසීන්ට ආරංචි වී තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

එය දැනගත් ප්‍රදේශවාසීන් පිරිසක් චන්දිමාල් පන්සල් භූමියට පැමිණෙන තුරු රැකගෙන සිටිමින් ඔහු පැමිණි විගස පහරදී ඔහුව පන්සල් භූමියෙන් පලවා හැර තිබෙනවා. මේ පිළිබඳව චන්දිමාල් විසින් මිරිහාන පොලිසියේ පැමිණිල්ලක්ද සිදුකර ඇති අතර මාධ්‍ය ආයතනයකින් සිදු කල විමසීමකදි මිරිහාන පොලීසිය සඳහන් කර තිබෙන්නේ එවැනි සිදුවීමක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu