Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආණ්ඩුවේ අය බුද්ධි අංශ දුර්වල කළා - ජනාධිපතිගෙන් චෝදනා රැසක්

මුන් හමුදාව සහ  අංශ රැකගැනීමට සටන් කරද්දී ආණ්ඩුවේ අය හමුදා බුද්ධි අංශ දුර්වල කිරීමටත්, හමුදා නිළධාරීන් අනවශ්‍ය ලෙස සිර භාරයට ගැනීමටත් කටයුතු කල බවත් එහි වගකීම රජය භාරගත යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිකුරාදා (26) පෙරවරුවේ ප්‍රකාශ කළේය.

දැනට වසර දෙකකට පෙර පටන්  තමන් සහ ආණ්ඩුව අතර ප්‍රශ්න උග්‍ර වන්නට මුල් වූ කාරණයක් වුයේ තමන් එවැනි ක්‍රියා පිළිබඳව රජයට පළ කළ දැඩි විරෝධය නිසා බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. හිටපු හමුදාපතිවරුන් තිදෙනා  අධිකරණයට රැගෙන ගිය විට තමන් කළ කතාවක් නිසා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉලා අස් වූ බවද ජනාධිපතිවරයා අවධාරණය  කළේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පසුගිය ඉරිදා දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් ගැන හා රටේ වත්මන් තත්වය පිළිබඳව මාධ්‍ය ආයතන හිමිකරුවන්, පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සම්නග සිකුරාදා (26) ජනාධිපති මන්දිරයේ හමුවීමේදීය. බුද්ධි අංශ දුර්වල කිරීම හා හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ තමන් දැඩි විරෝධය පළ කරද්දී මෙරටේ මානව හිමිකම් සංවිධානවල නියමුවන් සියල්ලන්ටම නීතිය එක සමාන බව කියා සිටි බවත් නීතිය සැමට සමාන වුවත් ආරක්ෂක හමුදා හා බුද්ධි අංශ දුර්වල කිරීමට ඉඩදිය නොහැකි බව තමන්  දැඩිව ප්‍රකාශ කල බවත් ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය.

එමෙන්ම මානව හිමිකම් ගැන කතා කරමින් පසුගිය වසර 4 තුල යුද හමුදාව හා රාජ්‍ය බුද්ධි අංශ දුර්වල කළ අය පසුගියදා එල්ල වූ ප්‍රහාරයන් සමඟ ආගිය අතක් නැතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය. බුද්ධි අංශවලට අනවශ්‍ය ලෙස බලපෑම් එල්ල කිරීමේ ප්‍රතිඵලය ලෙස ඇතැම් බුද්ධි අංශ නිළධාරීන් රට හැර ගිය බවත් ඇතැම් නිළධාරීන් තමන්ගෙන් කළ ඉල්ලීම් හේතු කොටගෙන ඔවුන් තානාපති කාර්යාලවල සේවය සඳහා යොමු කළ බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. තමන්ට ඒ සඳහා එවැනි මැදිහත්වීම් කරන්නට සිදුවුයේ ආණ්ඩුවේ අනෙක් පාර්ශවය ඔවුන්ව අදාළ තනතුරුවල තබා ගත නොහැකි බවට දැඩි මතයක සිටි නිසා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu