Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කල්මුණේ වෙඩි හුවමාරුවක්

සෝදිසි මෙහෙයුමක් අතරතුරදී කල්මුණේ, සායින්ද මර්දූ ප්‍රදේශයේදී සැකකටයුතු පිරිසක් සහ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදු ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසන්නේ එම ස්ථානයේ ත්‍රස්තවාදීන් 3ත් 6ත් අතර පිරිසක් සිටිය හැකි බවට විශ්වාස කරන බවට වාර්තාවී ඇත.යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ මෙම මෙහෙයුම යෙදී සිටි බවයි. මරාගෙන මැරෙන බෝම්බ කට්ටල නිෂ්පාදනාගාරයක් බවට සැක කෙරෙන ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී මෙම ගැටුම සිදුවූ බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. පසුගිය සිදුවීම් වල  මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල මෙම ස්ථානයේ සකසන්නට ඇති බවට සාධකද හමුව තිබේ.

සයින්දමාරු ප්‍රදේශයේදී  සැකසහිත වෑන් රථයක් පිළිබඳව පොලිස් බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් අනුව පරීක්ෂා කරන්නට ගිය අවස්ථාවේ එය පරික්ෂා කිරීමට පෙර සැක සහිත වෑන් රථයක් පුපුරුවා ගෙන ඇතැයි ද වාර්තා වෙනවා. ජීවිත හානි පිළිබඳව තවමත් තොරතුරු වාර්තා වන්නේ නැත.  සිදුකරන ලද මෙම මෙහෙයුමේදී සමන්තුරය ප්‍රදේශයේදී නිවසක් තුළ තිබී සැකකටයුතු දේපල රැසක් සොයා ගෙන ඇති බව පොලිසිය දැනුම් දෙන ලදි. රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් වෙත දැනුම් දීමෙන් අනතුරුවයි මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ.

පසුගිය දින සිදුවූ බෝම්බ ප්‍රහාරවල මරාගෙන මැරෙන බෝම්බකරුවන් යැයි සැකකරන පිරිසක් නිකුත් කළ බවට සැකකරන වීඩියෝ දර්ශනයේ දක්නට ලැබෙන එම පුද්ගලයන් ඇඳ සිටින ඇඳුම් වලට සමාන ඇඳුම් කට්ටලයකුත්,එමෙන්ම පොලිසිය දන්වන්නේ එම වීඩියෝ දර්ශනයේ පිටුපස තිරය බවට සැකකරන තිරයකුත්, ජෙලයිට් කූරු 150කට අධික ප්‍රමාණයකුත්, කුඩා යකඩ බෝල ලක්ෂයක් පමණ ප්‍රමාණයක්, සැකකටයුතු වෑන් රථයක්, ඩෝන කැමරාවක්, ලැප්ටොප් පරිඝණක 01ක් ඇතුළු දේපල රැසක් සොයා ගෙන ඇති බවයි .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu