Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බුර්කා තහනමට මංගල-මලික් විරුද්ධ වෙයි

මේ වන විට රටේ පවතින තත්වය හමුවේ බුර්කා ඇඳුම වහාම තහනම් කළ යුතු බවට අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය පසුගිය සිකුරාදා (26) පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මංගල සමරවීර හා මලික් සමරවික්‍රම අමාත්‍යවරු සිය දැඩි විරෝධය පළ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කැබිනට් රැස්වීමේදී අදහස් පළ කළ මංගල සමරවීර අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙම යෝජනාව මුස්ලිම් ප්‍රජාව තුළින්ම පැමිණිය යුත්තක් මිස සෘජුවම රජය මැදිහත් වී එවැනි තහනමක් පැනවීම ඥානාන්විත ක්‍රියාවක් නොවන බවය.

තලතා අතුකෝරල ඇමතිවරියගේ යෝජනාවට පක්ෂව මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු අදහස් පළ කළත් මෙහිදී එල්ල වූ විරෝධය හමුවේ ඒ පිළිබඳ නැවතත් ඉදිරි කැබිනට් රැස්වීමකදී සාකච්ඡාවට ගැනීමට තීරණය වී තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu