Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිස්බුල්ලා, අසාද් සාලි, රිෂාඩ් බදියුදීන් තනතුරු වලින් ඉවත්කරන් තුරු රතන හිමියන් උපවාසයක - සියළු ජනතාව එක්වනු ඇති බවට උන්වහන්සේගෙන් බලාපොරොත්තුවක්

මුළු මහත් ඉතිහාසය පුරාම විවිධ අභියෝගයන්ට මුහුණ දුන් බවත් ඒ පිළිබඳ සෙල්ලිපිවලිනුත් අපි ඒවාට මුහුණ දුන් ආකාරය ගැන කියා දෙන බවත් පවසමින්
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ ‍කර්මාන්ත හා වාණිජ කටයුතු සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් සිය ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින්. 

උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කර තිබුණේ අද(31) පෙරවරුවේ මහනුවර ශ්‍රී  දළදා මාළිගය ඉදිරිපිටදී. 

රතන හිමියන් මාධ්‍ය වෙත වැඩි දුරටත් අදහස් දක්වමින් මෙලෙස කියා සිටියා. 

"විශේෂයෙන්ම දුටුගැමුණු රජ තුමා බුද්ධ ශාසනය රැක ගැනීමට වෙහෙස වු ආකාරය ගැන සියලු දෙනා දන්නවා. ඒ සඳහා භික්ෂූන් වහන්සේලා ඉදිරිපත්ව එම වැඩකටයුතු සාර්ථක කර ගැනීමට හැකිවුණා. භික්ෂූන්ගේ එම කාර්යයන් සිහියට ගෙන අද දවසේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් අධිෂ්ඨාන පුජාවක් සිදු කරනවා. වසර 20 කට අධික කාලයක් පුරා පතුරුවා හරින ලද මතවාදයන්ගේ ප්‍රතිඵලයක් ලෙස භයානක තත්ත්වයක් ඇති වුණා., මද්‍රාසා පාසල්වලින් මෙවැනි ප්‍රචණ්ඩත්වයක් ඇති කිරීමට දීර්ඝ වශයෙන් කටයුතු කර තිබෙනවා. ආර්ථිකය හා විවිධ කේෂ්ත්‍ර තුළ අන්තවාදීන් ඇතුළු වී සිටිනවා. අද වන විට මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ඔවුන් විසින් හසුරවමින් සිටිනවා. ජනාධිපතිවරයාගේ හා විධායකය සතු බලය අද වන විට නැගෙනහිර පළාතේ ආණුකාර හිස්බුල්ලා මහතා විසින් සියලු බලතල පාවිච්චි කරමින් කටයුතු කරමින් සිටිනවා. තමන්ගේ ජනතාවට සන්නද්ධ වන ලෙස ද හිස්බුල්ලා නැගෙනහිර ජනතාවට පවසා තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළත් අද වන විට ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබෙනවා. බස්නාහිර පළාත තුළ ද  ආණ්ඩුකාරධූරය දරමින් අසාද් සාලි මහතා ද නොයෙකුත් අත්තනෝමතික ක්‍රියා කරමින් සිටිනවා.  පාර්ලිමේන්තු අමාත්‍යවරයෙක් වශයෙන් රිෂාඩ් බදියුදීන් මහතා විසින් ද මේ වන විට වංචනික වශයෙන් රාජ්‍ය ආයතන රැසක ක්‍රියා කරමින් සිටිනවා. එනිසා මෙම මහත්වරුන් ඉතා ඉක්මනින් අගමැතිවරයාට දැනුම් දී ඔවුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට කටයුතු කරන ඇති බවට මා විශ්වාස කරනවා. ඉස්ලාම් ත්‍රස්ථවාදයෙන් රට නිදහස් කිරීම සඳහා ඒ සටන තමාගේ අධ්‍යාත්මික ශක්තියෙන් සියලු භික්ෂූන් සමඟ එක්ව පෙරමුණ ගන්නවා. සියලු ජනතාව මේ සඳහා එක්වනු ඇතැයි මා ප්‍රාර්ථනා කරනවා, මාගේ පාරමිතා බලයෙන් ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාවට එකඟ වන තෙක් මෙම ස්ථානයෙන් නැඟිටින්නේ නැහැ"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu