Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"අපි දෙන උපදෙස් පිළිපඳින්නේ නැත්නම් ඉදිරියේ දී කිසිම දේශපාලන නායකයෙක් හමුවීම නවතා දමනවා" - අති උතුම් කාදිනල් හිමිපාණන්

ති උතුම් කාදිනල් හිමිපාණන්තුමාගේ ඉතාලි සංචාරය අතරතුර බ්‍රේෂියා ලාංකික කිතුණු සංඝය හමුවිමේ පාස්කු ප්‍රහාරය ගැන අදහස් ප්‍රකාශ කර සිටියා. පාස්කු ඉරිදා සිදු වුණ ඛේදවාචකයේ දුක් කඳුළු වේදනාව අපිට දැණුනද රට කරවන බලධාරින්ට නොදැනෙන බවත් මාස දෙකක කාලයක් ගතවිත් මෙම ඛේදවාචකයට වගකිය යුතු පිරිස් හඳුනා ගැනිමට හෝ දඬුවම් ලබා දීමට නොහැකි විම රටේම අවාසනාවක් බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එහි දී පවසා තිබෙනවා.

"පසුගිය පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසුව අපිව හමු වෙන්න විවිධ දේශපාලන පක්ෂ නායකයන් ආණ්ඩුවේ නායකයන් එනවා ඒ ආපුවම අපි උපදෙස් දෙනවා මොනවද කරන්න ඔනේ කියලා. ඒත් ඒ අය අපි දෙන උපදෙස් අනුව වැඩ කරනවද කියලා රටේ වෙන දේවල් වලින් ලොකු ගැටලුවක් තියෙනවා. අපිට ඒ නිසා ඉදිරියේදි අපි දෙන උපදෙස් පිළි පදින්න ඒ අය සුදානම් නැත්නම් ඒ කිසිම දේශපාලන නායකයෙක් හමුවීම නවතා දැමිමට කටයුතු කරනවා" යයි රංජිත් හිමිපාණන් වැඩිදුරටත් පවසා තිබෙනවා. 

මෙම අවස්ථාවට බ්‍රේෂියා රදගුරු පියරේ අන්තෝනියෝ හිමිපාණන් සමග ඉතාලියේ ලාංකික කතෝලික අධ්‍යක්ෂ නෙවිල් ජෝ පියතුමා හා බ්‍රේෂියා කිතුණු සංඝය භාර ජෝර්ජ් ලින්ටන් පියතුමා හා ලාංකිකයන් විශාල පිරිසක් එක්ව සිටියා. .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu