Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාට අයත් මුදල් විශාල ප්‍රමාණයක් ආපසු මෙරටින් පිටමං කිරීම හෝ තැන්පත් මුදල් නැවත ගැනීමක් සිදුවෙනවා" - පා ම රොෂාන් රණසිංහ

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ රැස්විමට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ චෝදනාවට ලක්වනබොහෝ දෙනෙක්ගේ වත්කම් බැරකම්  තියෙන්නේ මැතිවරණ කොමසාරිස්  ළග බවයි. 

"මේ වෙද්දි පොලීසිය මගින් රිෂාඩ්  බදියුදින් ඇමැතිවරයා ප්‍රශ්න කර අධිකරණයට කරුණු වාර්තා කළ යුතුයි. එවැනි ක්‍රියාදාමයකින් පමණයි  සැකසහිත කාරණයක් තියෙනවා නම් රැදවුම් නියෝගයක්, බැංකු ගිණුම් විමර්ශනය කිරීමේ නියෝගයක් ගැනීමේ හැකියාව තියෙන්නේ. රිෂාඞ් බදියුදින් ඇමැතිවරයා සහ එතුමාට අයත් මුදල්, හිතමිත්‍රයින්ගේ ගිණුම්වල, ඥාතීන්ගේ ගිණුම්වල තියෙන මුදල් විශාල ප්‍රමාණයක් ආපසු මෙරටින් පිටමං කිරීම හෝ තැන්පත් මුදල් නැවත ගැනීමක් සිදුවෙනවා.

දරුවෙක් විදේශයේ පාසලකට යැව්වාම මුදල් යවන්න මහ බැංකුවෙන් අවසරය ගන්න විශාල කාලයක් ගත වෙනවා.  මහ බැංකු අධිපතිවරයා සහ නිලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ අසාමාන්‍ය ලෙස මුදල් ඇති සියලු බැංකු ගිණුම් අත් හිටුවන්න. ඒ මුදල්වලින් කිසිදු මුදලක් දේශිය වශයෙන් බැහැර කරන්න හෝ ආපසු යවන්න හෝ ඉඩක් තියන්න එපා. මේ හරහා අපිට ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධය හොයා ගන්න පුළුවන්.  

මොහොමඞ් සාෆි එජාපය යටතේ පසුගිය මැතිවරණයට තරඟ කළා. එජාප පෙරමුණෙන් තරග කළ මොහොමඞ් සාෆිගේ වත්කම් බැරකම් ප්‍රකාශය තියෙනවා. වත්කම් බැරකම් හොයන්න අධිකරණ තින්දුවක් ගත්තා නම් අසාමාන්‍ය ලෙස මොහොමඞ් සාෆි ගේ ගිණුමට ආපු මුදල් මොනවාද හොයා ගන්න පුළුවන්.

අලවුදීන් කියන්නේ රිෂාඞ් බදියුදීන්ගේ මාමණ්ඩි නම් ඒ මාමණ්ඩිගේ වත්කම් බැරකම් මොනවාද? මොහොමඞ් ඊබ්‍රාහිම් කුලුබඩු ව්‍යාපාරිකයා කියන මරාගෙන මැරුණු බෝම්බකරුවෝ දෙන්නෙක්ගේ පියා ජේ. වී. පී යෙන් මැතිවරණයට ආපු නිසා ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශයත් මැතිවරණ කොමසාරිස්තුමා ළග තියෙනවා. මේවා ගන්න නම් රහස් පොලිස් දෙපාර්තමේන්තුව, පොලීසිය හෝ ත්‍රස්ත විමර්ශන ඒකකය කඩිනම් පරීක්ෂණ කරන්න ඕනේ.

තේරිම් කාරක සභාවක් දාගෙන කල් මැරීමක් කරන්නේ. මේ රංගනයට මුවා වෙලා ත්‍රස්ත ක්‍රියාකාරිකයින්ට ආපු මුදල් මේ රටෙන් පිටවයන්න කිසිම වෙලාවක ඉඩක් තියන්න එපා කියලා මහ බැංකු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. සාමාන්‍ය පුරවැසියෙක්ට සාමාන්‍ය මුදලක් පිටරටකට යවන්නත් නීති රිතී තියෙනවා. විදේශයෙන් අසාමාන්‍ය ලෙස මෙරටට මුදල් ආවා කියලාත් කතාවක් තියෙනවා. අපේ ආයතනයකින් කුඩා මුදලක් මෙරටට ආවාත් ප්‍රශ්න කරනවා. ත්‍රස්ත ක්‍රියාකාරකම් හා රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙතරම් මුදලක් මෙරටට එද්දිත් නිශ්ශබ්ද වුණේ  ඇයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu