Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"වත්මන් රජය විශාල ජනතා සේවාවන් රැසක් සිදු කර ඇතත් නිසි ප්‍රචාරයක් ලැබී නැහැ. මෙවැනි වැඩ කොටසක් ඉටු කළ රජයක් මෙරට බිහි වෙලා නැහැ" - රාජිත සේනාරත්න

ද මාතලේ සංඝමිත්තා ජාතික පාසලේ පැවැති උත්සවයකට සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සහභාගී වුණා. එහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා අදහස් පළකර සිටියා.

“වත්මන් රජය 2015 වසරේ දී ජනවරමක් ඉල්ලා සිටියා. ඒ රට වෙනස් කිරීමටයි. අපි නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට ලබා දී තිබෙනවා.  ස්වාධීන කොමිසන් සභා පත් කළා. වර්තමානයේ ජනතාව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය විවේචනය කරනවා. පුවත්පත් කර්තෘවරුන් ඝාතනය කළ, පැහැරගත් යුගය අපි අවසන් කළා. 
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබද පරීක්ෂණ තවමත් ක්‍රියාත්මකයි. මාධ්‍ය ආයතන ගිනි තබා විනාශ කළා. නමුත් වර්තමානයේ මාධ්‍යවේදීන්ට තමන් වින්ද දුක අමතක වෙලා. 1951 වසරේ දී ජෝන් කොතලාවල මහතා ප්‍රකාශ කළා “මම බැඳලා හිටපු බල්ලො ටික බණ්ඩාරනායක නිදහස් කළා” කියලා. මෙහිදී “බල්ලන්” ලෙස අර්ථ ගැන්වූයේ මාධ්‍ය සහ ජනතාවයි.

අපේ රජයේ දුර්වලකම් තිබෙනවා. දුර්වලකම් නැති රජයක් සංසාර චක්‍රය අවසන් වන තුරු බිහි කරන්න බැහැ. වර්තමානයේ හන්දි ගානෙත් රජයට බනිනවා. වර්තමානයේ රට තුල සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙනවා. වත්මන් රජය විශාල ජනතා සේවාවන් රැසක් සිදු කර ඇතත් නිසි ප්‍රචාරයක් ලැබී නැහැ. අපේ රජයේ ප්‍රචාරක කටයුතු මන්දගාමීවයි සිදු වන්නේ. සෞඛ්‍ය මෙන්ම අධ්‍යාපන සේවා සංවර්ධනය කිරිම සදහා විශාල මුදලක් ද වැය කරනවා. දරුවන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙලට ද විවිධ බාධා එල්ල වුණා.

රට දියුණු වෙනකොට සහන ලබාදෙන විට ජනාධිපතිවරණයට මොකද වෙන්නේ කියා සමහරුන්ට ප්‍රශ්න තිබෙනවා. ඉඩම්වල පූර්ණ අයිතිය ලබාදීමට ද රජය කටයුතු කරනවා. එම වැඩපිළිවෙල 2002 වසරේ දී මම ඉඩම් ඇමැති කාලයේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළත් හිටපු ජනාධිපතිනිය කකුලෙන් ඇද්දා. අග්‍රාමාත්‍යවරයා සහයෝගය ලබාදුන්නා. ඉඩම් පිළිබද අධ්‍යයනයක නිරත වූ ඇතැම් ලේකම්වරුන් එම වැඩපිළිවෙලට සහයෝගය ලබාදුන්නත් ජනාධිපතිනිය විරුද්ධ වුනා.

මෙවැනි වැඩ කොටසක් ඉටු කළ රජයක් මෙරට බිහි වෙලා නැහැ. ඉදිරි මාස 05 තුල විප්ලවීය වැඩකොටසක් සිදු කරමින් ජන ජීවිතය වෙනස් කරනවා. රජය තුළ විවිධ වැරදි තිබුනත් අපි ජනතාවට සේවය කරනවා. කයිවාරු ගහලා වැඩක් නැහැ.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu