Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෞදි රාජ්‍යයේ තහනම් සංවිධානයකින් හිස්බුල්ලාට කෝටි ගණනක් දුන්නේ ඇයි?

සෞදි අරාබියේ තහනම් සංවිධානයකින් ඇමරිකානු ඩොලර් මිලියන 100කට අධික මුදලක් (ආසන්න වශයෙන්  රුපියල් කෝටි 1757ක මුදලක්)  නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. එම්. හිස්බුල්ලාට අයත් බව කියන පුනානි හි ඉදිකරමින් පවතින "බැටිකලෝ කැම්පස්" පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙනුවෙන් මෙරට රාජ්‍ය බැංකුවකට එවා තිබීම ගැන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

ලංකා හිරා පදනම සහ බැටිකලෝ කැම්පස් කොලේජ් පුද්ගලික සමාගම සහ බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගම සදහා සෞදි රාජ්‍යයේ තහනම් සංවිධානය විසින් ලබා දී ඇතැයි කියන මෙම මුදල්වල නිත්‍යානුකූලභාවය හා එම මුදල් එම විශ්ව විද්‍යාලය ඉදිකිරීම සදහා යොදා ගත්තාද නොඑසේනම් ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන් සදහා යොදවා ගත්තේද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බව සිද්ධියට අදාළව කරුණු වාර්තා කරමින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. 

එසේම  හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා වීසා නොමැතිව මෙරට රැදී සිටින බව කියන අරාබි ජාතිකයින් පස් දෙනෙකු හමුවීම සදහා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ලවු දිනට පසුදා එනම් අපේ‍්‍රල් මස 22 වැනිදා දින පාසිකුඩා ප‍්‍රදේශයේ හෝටලයකට යෑම සහ ඔවුන් සමඟ පැවැත්වූ සම්බන්ධය කුමක්ද යන්න සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මතුවන බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වැඩි දුරටත් අධිකරණයට දැනුම් දුන්නා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu