Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න පාන්දර පහට පාසැලට එන ළමයි ඉන්න හරි අපූරු ඉස්කෝලෙ

ලංකාවේ පාසල් ආරම්භ කරන්නේ උදෑසන හතයි තිහට පමණ. නමුත් අලුයම පහට ආරම්භ කරන අපූරු පාසලක් පිළිබඳව අපට දැනගන්නට ලැබුණා. ඒ අනුව එම පාසල සොයා අප පසුගිය දිනක අළුයම කාලයේ එම පාසලට ගියා. 

මෙම පාසල පිහිටා ඇත්තේ බළන්ගොඩ පොල්ලමුරේ ප‍්‍රදේශයේ. නමින්  රත්නපුර වීරසේකර විද්‍යාලය ලෙස හදුන්වන මෙම විද්‍යාලයේ සිසුන් එකසිය විසි අටකි. ගුරු මණ්ඩලය දාහතකි.


අළුයම පහට මෙම පාසල ආරම්භ කිරීමට පියවර ගෙන ඇත්තේ සිසු දරුවන්ගේ ඉංගී‍්‍රසි දැනුම වර්ධනය කිරීමේ අරමුණින්. විශේෂයෙන්ම දරුවන්ගේ ඉංගී‍්‍රසි කථන හැකියාව වැඩිදියුණු කිරීම මෙහි ප‍්‍රධාන අරමුණ බව එම විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. ආ‍ර්. රංජිත් කරුණාතිලක මහතා සඳහන් කළා. විද්‍යාලයේ ඉංගී‍්‍රසි විෂය භාර ගුරුවරයා වන ජී. එල්. වීරරත්න මහතාගේ සංකල්පයක් අනුව මීට වසර තුනකට ඉහතදී මෙම අපූරු ඉංගී‍්‍රසි පන්තිය ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුහල්පති ඩබ්ලිව්. ආර්. රංජිත් කරුණාතිලක මහතා මෙසේ පැවසුවා.

අප විදයාලයේ එක වසරේ සිට එකොළහ වසර දක්වා පන්ති පැවැත්වෙනවා. ඉංගී‍්‍රසි විෂයභාර ගුරුවරයා වන ජී. එල්. වීරරත්න මහතා මගෙන් ඉල්ලීමක් කළා දරුවන්ගේ ඉංගී‍්‍රසි කථන හැකියාව වර්ධනය කිරීමට අති‍රේක වේලාවකදී පන්තියක් පැවැත්විය යුතු යැයි කියා. ඒ අනුව බළන්ගොඩ කලාප කාර්යාලයේ අධ්‍යක්ෂකවරයාට මේ පිළිබඳව දන්වා ඔහුගේ අවසරය ඇතිව උදෑසන පහට මෙම පන්තිය ආරම්භ කළා. මෙම කටයුක්ත සඳහා අප විද්‍යාලයේ අන්‍යධන කා‍ර්ය මණ්ඩලයේ සේවය  කරන අජන්ත උදුගොඩ මහතා විශාල දායකත්වයක් දක්වනවා

අනතුරුව අදහස් දැක්වූ ඉංගී‍්‍රසි විෂයභාර ගුරුවරයා වන ජී. එල්. වීරරත්නමහතා මෙසේ කීය.

මම ගුරු වෘත්තියට පැමිණ වසර තිස්පහක් පමණ වෙනවා. මේ වීරසේකර විද්‍යාලය පිහිටා තිබෙන්නේ බළන්ගොඩ නගරයේ සිට කිලෝ මීට‍ර් විසිපහක් පමණ දුරින්. සල්ලි තියෙන අය ඇති හැකි අය දරුවන් නගරයේ පාසල් වලට ඇතුලත් කර තිබෙනවා. ගොවිජනතාවගේ දරුවන් තමයි මේ විද්‍යාලයේ වැඩිපුර ඉන්නේ. ඒ නිසා මේ අහිංසක දරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි කථන හැකියාව ව‍ර්ධනය කරන්න මට වුවමනා උනා. අළුයම් කාලය ඉතාමත්ම හොඳ කාලයක්. දරුවන් ප‍්‍රබෝධමත්ව සිටින  මොහොතක්. ඒ නිසා තමයි අළුයම් පහේ සිට උදෑසන හත දක්වා පැය දෙකකට අධික කාලයක් මේ ඉංගී‍්‍රසි පන්තිය පවත්වන්නේ. හය වසරේ සිට එකොළහ වසර දක්වා දරුවන්ට මම උගන්වනවා. එක වසරේ සිට පහ වසර දක්වා දරුවන්ට අප විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවය කරන අජන්ත උදුගොඩ මහතා උගන්වනවා. ඇත්තටම මේ කටයුක්ත සඳහා අප දරුවන්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. මම උදෑසන හතරට අවධි වෙලා මගේ යතුරු පැදියෙන් පාසලට ඇවිත් මේ පන්තිය ආරම්භ කරනවා. මේ සඳහා දෙමාපියන් විශාල දායකත්වයක් දක්වනවා. සතියේ දින පහේම පන්ති පැවැත්වෙනවා. දරුවන්ට අවශ්‍ය උදෑසන ආහාර දෙමාපියන් ‍‍රැගෙන එනවා.

මේ දරුවන්ට දැන් ඉතාමත්ම හොඳට ඉංගී‍්‍රසි කථා කරන්න පුළුවන්. උඩවලව, දඹුල්ල, සීගිරිය, පොළොන්නරුව වැනි ප‍්‍රදේශවලට ගොස් විදේශිකයින් සමග ඉතාමත් චතුර ලෙස ඉංගී‍්‍රසි භාෂාවෙන් කථා කරනවා. දැන් අපේ දරුවන්ට විදේශීය මිතුරන් විශාල ප‍්‍රමාණයක් සිටිනවා. ඒ වගේම බළන්ගොඩ කලාපයේ පාසැල් එකසිය තිහක් පමණ තිබෙනවා. ඒ අතරින් ඉංගී‍්‍රසි භාෂාවෙන් ප‍්‍රථම ස්ථානය අපට හිමි වෙලා තිබෙනවා. ඒ වගේම පළාත් මට්ටමින් ජාතික මට්ටමින් ජයග‍්‍රහන හිමිකරගෙන තිබෙනවා. ලංකාවේ ඕනෑම පාසලකට ගිහින් ඉංගී‍්‍රසි භාෂාවෙන් විවාද කරන්න මේ දරුවන්ට පුළුවන්.

එකොළහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන ප‍්‍රදීප් රුවන් දිලංජන සිසුවා මෙසේ කීය. ඇත්තටම අපිට ඉංගී‍්‍රසී වචනයක්වත් කථා කරන්න බැරිව හිටියේ. මේ පන්තිය පටන් ගත්තට පස්සේ අපේ ඉංගී‍්‍රසි දැනුම කථන හැකියාව දිනෙන් දිනම ව‍ර්ධනය වුණා. අපට දැන් පුළුවන් ඕන කෙනෙක් සමග ඉංගී‍්‍රසි භාෂාවෙන් කථා කරන්න. 

අනතුරුව අදහස් දැක්වූ එකොළහ ශ්‍රේණියේ ෂෙහානා මදුරංගි සිසුවිය. අපේ ඉංගී‍්‍රසි කථාන හැකියාව ඇත්තටම දැන් අපට හිතාගන්නවත් බැහැ. සිංහල භාෂාවට වැඩිය දැන් අපට ඉංගී‍්‍රසි භාෂාවෙන් කථා කරන්න පුළුවන්. ඇත්තටම අපේ දෙමාපියන් ගොඩක් දුප්පත් අය. ඒ අයට හරි සතුටුයි අපේ මේ දක්ෂතාවය ගැන. 

ලාලනී ගමඇතිගේ මහත්මිය  මෙසේ කීවාය.

ඉංගී‍්‍රසි විෂයභාර ගුරුවරයා වන වීරරත්න මහතා අපට යෝජනා කළා මේ දරුවන්ගේ ඉංගී‍්‍රසි කථන හැකියාව වර්ධනය කළ යුතුයි කියා. ඒ අනුව තමයි ඒ පන්තිය පටන් ගත්තේ. අප විද්‍යාලයේ අන්‍යධ්‍යන කා‍ර්ය මණ්ඩලයේ සේවය කරන අජන්ත උදුගොඩ මහතාත් මේ සඳහා විශාල කැප කිරීමක් කරනවා. මේ දෙදෙනා කිසිදු අමතර මුදලක් ලබා ගන්නේ නැහැ. ඇත්තටම ගුරුවරු කියන්නේ දෙවිවරුකොටසක් කියලා අපට දැන් තේරෙනවා. කේ. ඒ. චන්ද්‍රසිරි මහතා අදහස් දක්වමින් මෙසේ කීය.මෙම පාසල පිහිටා තිබෙන්නේ ඉතාමත් දුෂ්කර ප‍්‍රදේශයක පාසලේ අඩුපාඩු ‍රැසක් තිබෙනවා. දරුවන්ට කී‍්‍රඩා උපකරණ නැහැ. සංගීත උපකරණ නැහැ. ඊට අමතරව ගණිතය උගන්වන්න ගුරුවරයෙක් නැහැ. විදුහල්පතිතුමා තමයි ගණිතය උගන්වන්නේ. හොඳම පාසල ලඟම පාසල කියා නාම පුවරුවක් නම් සවිකර තිබෙනවා. නාමපුවරුට පමණක් සීමා වෙලා වැඩැක් නැහැ. බලධාරීන්ගෙන් අපඉල්ලා සිටිනවා දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කියලා. 

විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ කැපවීම ඉතාමත්ම හොඳයි. මේ ඉංගී‍්‍රසි පන්තිය නිසා අපට දරුවන් ගැන හරි ආඩම්බරයි. විදේශකයින් සමග කථා කරන විදිහ දැක්කම අපට හිතා ගන්නවත් බැහැ මේ පෝලමුරේ ළමයි ද කියලා ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

උපුටා ගැනීම
මව්බිම













ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu