Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රටේ සාමාන්‍ය පුරවැසියාට එක් නිතීයක්, දේශපාලඥයාට තව නීතියක් ? වහාම රාජිත අත් අඩංගුවට ගන්න ඉල්ලීමක්

හත් ආන්දෝලනයට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව හා සම්බන්ධව හිටපු ඇමැති රාජිත සේනරහ්නට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ පසු ඔහුව නාරාහේන්පිට පෞද්ගලික රෝහලක දී අත් අඩංගුවට ගැණුනත් ඔහු ඇප  මත නිදහස් කරනු ලැබුවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් එම ඇප අවලංගු කර ඔහු නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලමින්නීතිපතිවරයා ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කර තිබුණා. එම ප්‍රතිශෝධන අයදුම්පත විභාග කිරීමට නොතිසි නිකුත් කරනවාද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මේ මස 21 වැනිදාට දින නියම කර තිබෙනවා. 

එම ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා හා සැකකාර වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අයදුම්පත විභාගයට ගැනීමට නොතිසි නිකුත් කිරීම සම්බන්ධව තීරණය දැනුම් දීම සඳහා එසේ දින නියම කෙරුණා. 

මහත් ආන්දෝලනයට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව හා සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය මස 30වැනිදා රාජිත සේනාරත්න මහතාට ලබාදුන් ඇප නියෝගය අවලංගු කර ඔහු නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා මේ ප්‍රතිශෝධන අයදුම්පත කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරන ලදි.

මෙම මාධ්‍ය සාකච්ඡාව හා සම්බන්ධ සැකකාර වගඋත්තරකාර රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ පසු  නාරාහේන්පිට පෞද්ගලික රෝහලක දී අත්අඩංගුවට ගැනුණු බව සඳහන් කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඇප නියම කිරීමෙන් පසුව ද දින 18ක් එම රෝහලේ හෘද රෝග ඒකකයේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලද බව පවසන ඔහු මෙතෙක් අධිකරණය වෙත ඒ බව සනාථ කිරීමට කිසිදු වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බව ද සඳහන් කළා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ නීතිපතිවරයා හා බන්ධනාගාර අධිකාරිවරයා සැකකාර වගඋත්තරකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු මඟින් අධිකරණයට වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට ඉල්ලා සිටිය ද එම ඉල්ලීම් ද නොසලකා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප නියම කිරීම සිදුකළ බව යි. මේ වනවිටත් සැකකාර වගඋත්තරකරු රෝහල්ගත වූයේ කුමකටද යන්න පිළිබඳ වෛද්‍ය වාර්තා කිසිවක් ඉදිරිපත් කර නොමැති බව ද සඳහන් කරන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රටේ සාමාන්‍ය පුරවැසියකුට එක් නීතියක් හා දේශපාලනඥයකු වූ පුද්ගලයකුට එක විදිහකටත් නීතිය ක්‍රියාත්මක කිරීම යුක්තිසහගත නොවන බව ද කියා සිටිනවා. 

සැකකාර වගඋත්තරකරුට එරෙහිව වන චෝදනා ඇප දිය හැකි චෝදනා වුවද නීතිය ක්‍රියාත්මක කිරීමේ දී රටේ සාමාන්‍ය පුද්ගලයකුට හා දේශපාලනඥයකුට රටේ නීතිය දෙවිදිහක් නොවිය යුතු බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවනට නිල වශයෙන් නොතිසි නිකුත් කරන ලෙසට ඉල්ලා සිටිනවා. 

එහෙත් රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කියා සිටියේ සැකකාර වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප ලබාදීම සිදුකරනු ලැබුවේ ඇප පනතේ විධිවිධානයන්ට අනුව බව ත් ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගය නීත්‍යානුකූල බව ත් ය. 

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා ප්‍රතිශෝධන අයදුම්පත විභාගය සඳහා නොතිසි නිකුත් කිරීම සම්බන්ධව තීරණය ප්‍රකාශ කිරීමට මේ මස 21 දිනට නියම කළා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu