Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජය කොරෝනා ගැන කරුණු වසන් කරනවා - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ජය විසින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇතැම් කරුණු වසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පැවසුවේ වෛරසය මේ වන විට ආසාධිතව සිටින පුද්ගලයින් ඇසුරු කළ සම්බන්ධයෙන් රජය තොරතුරු වසන් කර ඇති බවයි.

ඔහු පෙන්වා දෙන්නේ තම සංගමය මීට මසකට පෙර සිට වෛරසය ආසාධනය වූ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු රජයෙන් ඉල්ලා සිටියද මේ වන තෙක් එම තොරතුරු ලබා දීමට රජය නොහැකි වී ඇති බවයි.

පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ හිඟවීමට පෙර අදාළ අංශ දැනුවත් නොකිරීම හේතුවෙන් මේ වන විට සියලුම පරීක්ෂණ අතරමඟ ඇණහිට ඇති බවද එම සංගමය ප්‍රකාශ කර සිටිනවා.

වැඩිදුරටත් එම සංගමය පෙන්වා දෙන්නේ මේ ආකාරයට තොරතුරු වසන් කිරීම ගැන සංගමයක් ලෙස සැකයක් පවතින බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu