Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසල් අදියර කිහිපයකින් ආරම්භ කිරීමට සැලසුම්

පාසල් යළි ආරම්භ කිරීම සඳහා දිනය නියම වීමෙන් පසු අධ්‍යයන කටයුතු සිඳු කරගෙන යා යුතු ආකාරය සම්බන්ධව පළාත් මට්ටමින් අධ්‍යාපන අමාත්‍යාංශය සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට දකුණ, උතුරු මැද සහ වයඹ අධ්‍යාපන බලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එච්.එම් චිත්‍රානන්ද සඳහන් කළේ.

ඉදිරි දින කිහිපයේදී ඌව සහ මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් ආරම්භ කිරීමට නම් විශේෂ කාල සටහන් ක්‍රමවේද යටතේ කටයුතු කළ යුතු බවයි,

ඒ අනුව පළමු අදියරේ 10 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා පාසල් කටයුතු ආරම්භ කිරීමට අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් සියලු පාසල් ආරම්භ කිරීමට පෙර ත්‍රිවිධ හමුදා සහ සෞඛ්‍ය අංශවල සහයෙන් විෂබිජහරණ කටයුතු මෙන්ම ඩෙංගු මර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu