Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වසංගත කාලයේ දී නිවසේ සිටි සේවකයින්ට වැ‍ටුප් ලබා දීමේ තීරණය

https://www.gossiplanka.com/2020/07/employees-salary.html
සේවායෝජකයන්,සේවක වෘත්තීය සමිති සහ නිපුණතා සංවර්ධන, ‍රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවලදී ඇති කර ගත් එකඟතාව පරිදි කොවිඩ් -19 වසංගතය හේතුවෙන් 2020 මැයි සහ ජූනි යන මාස 02 සඳහා වැඩ නොමැතිකම නිසා සේවකයින් නිවෙස් තුළ ‍රැඳවීමේ අවශ්‍යතාවක් පැවති ආයතනවල සේවකයන්ට ඔවුන් අවසානයට ලද සම්පූර්ණ වැ‍ටුප ගෙවන ලද මාසයට අදාළ මූලික වැ‍ටුපෙන් 50%ක් හෝ රුපියල් 14,500ක මුදල යන දෙකෙන් වඩා වාසිදායක මුදල ගෙවීමට පියවර ගෙන තිබෙනවා.

2020-07-15 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල ‍රැස්වීමේ දී මෙම තීරණයට එළඹ තිබෙනවා.

තවදුරටත් ඒ අනුව කටයුතු කරමින් 2020 ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලසීමාව සඳහා ද සේවක වැ‍ටුප් ගෙවීම සඳහා අදාළ පාර්ශවයන් අතර ඇති කරගන්නා ලද එකඟතාව පිළිබඳ තොරතුරු නිපුණතා සංවර්ධන, ‍රැකීරක්ෂා හා කම්කරු ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ඉදිරිපත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu