Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2011 ක්‍රිකට් අවසන් මහා තරඟය පාවා දීමේ චෝදනාව පිළිබඳව අවසන් තීන්දුව

https://www.gossiplanka.com/2020/07/final-decision-cricket-betrayal.html
2011 ක්‍රිකට් අවසන් මහා තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාවාදුන් බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කිරීමත් සමඟම ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වුණා. ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳාහා  ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් ආරම්භ කළ අතර ඒ සඳහා එම තරඟයට සහභාගී වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ගෙන් සහ අරවින්ද සිල්වාගෙන් ප්‍රකාශ ලබා ගත්තා.

උපුල් තරංග, කුමාර් සංගක්කාර ප්‍රකාශ ලබා දුන් ක්‍රීඩකයින් වන අතර මහේල ජයවර්ධනට අද දිනයේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස දන්වා තිබුණත් එය අවලංගුකර තිබුණා.

ප්‍රකාශ කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුව මෙම චෝදනාව සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අවසන් කිරීමට ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය තීරණය කර තිබෙනවා. එම පරීක්ෂණ අවසන් කළ බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසනවා.

එම ඒකකයේ නිලධාරීන් සමඟ අද පෙරවරුවේ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු කියා සිටිනවා. මෙම පරීක්ෂණයට සියලුම ක්‍රීඩකයින් ගෙන්වා ප්‍රශ්න කිරීමට ගියහොත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වීමෙන් ලොකු ප්‍රශ්නයක් ඇති විය හැකි බව ෆොන්සේකා මහතා වැඩි දුරටත් පවසනවා.

මේ දක්වා ලබාගත් ප්‍රකාශ තුනෙන් මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමතිවරයා ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කිරීමේ හැකියාවක් නොමැති බවත් අයි.සී.සීයට මේ සම්බන්ධයෙන් යොමුකළ ලිපියට කිසිදු පරීක්ෂණයක් සිදු කර හෝ ප්‍රතිචාරයක් දක්වා නොමැති නිසාත් මෙම පරීක්ෂණ අවසන් කිරීමට තීරණය වී තිබෙනවා. එසේම කට උත්තර ගත් තිදෙනාම කණ්ඩායම් සමාජිකයින් මාරු කිරීම සම්බන්ධයෙන් සාධාරණ හේතු ද දක්වා ඇති බැවින් මේ ගැන තව දුරටත් විමර්ශනය නොකර මෙම පැමිණිල්ල යොමු කළ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්තුමාට වාර්තාවක් යොමු කරන බව ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ  ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා කියා සිටිනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu