Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමීක්ෂණ වාර්තාවක් අනුව විද්‍යාඥයින්ගේ අනතුරු ඇඟවීමක්

ටවල් 42ක පමණ විද්‍යාඥයින් 200 දෙනෙකු පමණ සහභාගීත්වයෙන් බ්‍රිතාන්‍යය විසින් සකස් කෙරුණු වාර්තාවකට අනුව අනාවරණය වී ඇත්තේ ලොවපුරා පිහිටි ශාක පද්ධතින් පහෙන් දෙකක් පමණම මේ වන විට වඳවීමේ අවදානමකට ලක් වී ඇති බවයි. 

මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවික හේතූන් එලෙස ශාක ප්‍රභේද වඳවී යාමට බලපෑ ඇති හේතු බව එම වාර්තාවේ දැක්වෙනවා.

තවමත් ලොව පුරා සැඟවී ඇති නව ශාක විශේෂනම් කිරීමටත් පෙර මෙම ශාක වඳවී යනු ඇති බවයි විද්‍යාඥයින් බිය පළ කර සිටින්නේ. ඔවුන් නව ශාක සොයා ගැනීමට කාලයට එරෙහි තරඟයක නිරත වී සිටිනවා.

ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට ලොව පුරා ප්‍රජාව වහාම පියවර ගත යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

ඖෂධ සඳහා භාවිතා කරන ශාක වර්ග 723ක් පමණ මේ වන විට වඳවීමේ අවදානමට මුහුණපා ඇති බවත් එසේ අවදානමට මුහුණපා ඇති ශාක අතරින් බොහොමයක් වසංගත රෝග ආදී වෛද්‍ය විද්‍යාව තුළ පවතින අභියෝග විසඳීමට හැකියාව පවතින ඒවා බවත් විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

එසේම ආහාරයට ගැනීමට හැකි ශාක ප්‍රභේද 7000ක් පමණ ලොව තුළ පවතින නමුත් ලෝක ජනගහණය පෝෂණය කිරීම සඳහා ඉන් භාවිතා කරන්නේ අතලොස්සක් පමණක් බවත් ආහාර සැපයිය හැකි ශාක 2500ක් පමණ ඇති නමුත් බඩ ඉරිඟු, උක්, සෝයා බෝංචි, පාම් වර්ග සහ තිරිඟු ආදී භෝග වර්ග පමණක් ඉහළ ලෙස පරිභෝජනය වන බවත් එම වාර්තාවේ පෙන්වා දෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu