Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනාවෙන් ආසියානු කුසලාන ශූරතාවලියටත් බලපෑම්

සියානු කුසලාන අවුරුදු 19න් පහළ එක්දින තරඟාවලිය පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. 

ලබන නොවැම්බර් මස මෙම තරඟාවලිය 9 වන වරටත් පැවැත්වීමට සංවිධානය කර තිබුණා. ඒඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන්. කල් දැමූ මෙම තරඟාවලිය ලබන වසයේ සුදුසු කාලයක දී නැවත පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම තරඟාවලියට එක් වීමට නියමිතයි. එසේම සුදුසුකම් ලැබීමේ තරඟාවලියෙන් කණ්ඩායම් දෙකක් එක් වීමට නියමිතයි.

පසුගිය වසරේ පැවති මෙම ශූරතා කුසලාන තරඟාවලින් ජයග්‍රහණය කළේ ඉන්දියාවයි. ඒ බංගලාදේශ කණ්ඩායම පරාජය කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu