Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් -19 ට බ්‍රිතාන්‍ය ලබා දුන් එන්නත පුද්ගලයින්ට ආසාත්මික වෙයි

බ්‍රිතාන්‍යයේ ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සිය සඳහන් කල පරිදි කොවිඩ් -19 රෝගයට එරෙහිව 95% ක් දක්වා ආරක්ෂාවක් සපයා දිය හැකි ෆයිසර් / බයෝටෙක් කොරෝනා වයිරස් එන්නත ලබා ගත් පුද්ගලයින් කිහිප දෙනෙකුම ආසාත්මික ලක්ෂන පෙන්නුම් කර තිබෙනවා. 

ෆයිසර් / බයෝටෙක් කොරෝනා වයිරස් එන්නත අනුමත කළ ලොව පළමු රට බ්‍රිතාන්‍යයයි. බ්‍රිතාන්‍යය විසින් මෙම එන්නතෙන් මිලියන 40 මාත්‍රාවක් ඇණවුම් කර තිබෙන අතර එය මිලියන 20 ක ජනතාවට එන්නත් කිරීමට ප්‍රමාණවත් බවයි සැලකුණේ.

කෙසේ වෙතත් එම එන්නත ලබා දුන් පුද්ගලයින් කිහිපදෙනෙකුටම ආසාත්මිකතා ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ආසාත්මිකතා දක්වන පුද්ගලයින්ට එන්නත ලබා නොදිය යුතු බවයි එහි නිෂ්පාදකයෝ දැනුම් දී ඇත්තේ.

බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන ඒජන්සිය සඳහන් කරන්නේ මෙම ආසාත්මිකතා මාරාන්තික නොවන ඒවා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu