Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොව්ඩ් ආසාදිත මන්ත්‍රීවරුන්ගේ ආශ්‍රිතයන් ලෙස මන්ත්‍රීවරු 34ක්

මති වාසුදේව නානායක්කාර කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමඟම පාර්ලිමේන්තු කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා. 
 
රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ ළඟම ආශ්‍රිතයින් 20 ක්ද අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ ළඟම ආශ්‍රිතයින් හතර දෙනෙකු ද ඇමති වාසුදේව නානායක්කාරගේ ආශ්‍රිතයින් 10 දෙනෙකුද වශයෙන් මන්ත්‍රිවරු 34ක් පාර්ල්මේන්තුවේ සීසීටීවී දර්ශන ඇසුරින් සොයාගෙන ඇති බව වේත්‍රධාරී නරේන් ප්‍රනාන්දු සඳහන් කරනවා. 

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු ද වාසුදේව නානායක්කාර මහතාගේ ළඟම ආශ්‍රිතයින් බව සීසීටීවී කැමරා මඟින් තහවුරු කරගෙන තිබෙනවා.

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් හඳුනාගත් මන්ත්‍රීවරු 10 දෙනාට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 15 දෙනාට නිරෝධානයනය වන ලෙස දැනුම් දී ඇති අතර ඔවුන් හෙට (13) සහ 15 වන දින පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී පී.සී.ආර් පරීක්ෂාවට යොමු කිරීමට නියමිතයි.

රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමීපව පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටි ලක්ෂ්මන් කිරිඇල්ල සහ ගයන්ත කරුණාතිලක යන මන්ත්‍රීවරුන් ට ද පී.සී.ආර් පරීක්ෂාව සිදු කර ඇති අතර ඔවුන් දෙදෙනා අසාදිතයින් නොවන බවට තහවුරු වී තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu