Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලකා ක්‍රිකට් විස්තර විචාරකවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

දිනේෂ් සාෆ්ටරි නම් ව්‍යාපාරිකයෙකු 2019 මාර්තු මස 20 වනදින ශ්‍රී ලංකා විස්තර විචාරක බ්‍රයන් ‍තෝමස්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. 

එම පැමිණිල්ල සිදු කර ඇත්තේ බ්‍රයන් ‍තෝමස් කෝටි එකසිය හතළිස් තුනක (143) මුදල් වංචාවක් සිදු කිරීමේ චෝදනාව මතය්. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළා.

ඒ අනුව සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගෙන්වා ගෙන ප්‍රකාශ ලබාගැනීමක් සිදු කරනු ලැබුවා. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව බ්‍රයන් ‍තෝමස් මහතා ලබන 18 වැන් දින දක්වා රක්ෂ්ත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වයා නියෝග කළා. 

ප්‍රසිද්ධ නිමි ඇඳුම් සමාගමක ආයෝජනය කිරීමට අතරමැදියෙකු වශයෙන් සිටිමින් පැමිණිලිකරුගෙන් රුපියල් කෝටි එකසිය හතලිස් තුනක වංචාවක් සිදු කළ බව පැමිණිල්ලේ සටහන් වී තිබුණා. මේ පිළිබඳව සොයා බැලීමේදී අදාළ නිමි ඇඳුම් සමාගම කිසිදු ආකාරයකින් දැනුවත් වීමක් නොවීඇති බවට අනාවරණය වී තිබෙනවා.

පැමිණිලිකාර ආයතනය යම් යම් ව්‍යාපෘතීන්හි ආයෝජකය්න් බවත් ඒ අනුව සැකකරුව හඳුනාගෙන අතරමැදියෙකු ලෙස කටයුතු කරමින් මෙසේ මුදල් ලබා ගත් බවත් චෝදනාවේ සඳහන් වනවා.

එසේම පැමිණිල්ලේ නීතිඥවරයා කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සැකකරුට තවත් මුදල් වංචා පිළිබඳ චෝදනා ඇති බවයි. ඔහු 1996දී ක්‍රීඩකයින් පිරිසකගෙන් විවිධ හේතු මත මුදල් අයකරගෙන වංචා කර ඇති බවත් කූට ලේඛන පෙන්වා පුද්ගලයින් 15 දෙනෙකුට පමණ තවත් අවස්ථාවලදී මුදල් වංචාකර ඇති බවත් වෙනත් අධිකරණයක ද සැකකරුට එරෙහිව නඩුවක් පවතින බවත් නීතිඥවරයා පෙන්වා දී තිබෙනවා. එසේම මෙම සැකකරුට හැඳුනුම්පත් දෙකක් ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

කරුණු සියල්ල සලකාබලා මහේස්ත්‍රාත්වරයා සැකකරුවන බ්‍රයන් ‍තෝමස් මහතාව ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu