Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවෙන්ද සොයා ගත් නව කොවිඩ් ප්‍රභේදය මාරාන්තික බවට හෙළිදරව්වක්

B.1.1.7 යන නමින් හඳුන්වන කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය මාරාන්තික බවට එංගලන්ත විද්‍යාඥයින් කරුණු හෙළි කර තිබෙනවා.

එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයෙන් පළමු වරට සොයාගත් මෙම වෛරසය මේ වන විට රටවල් බොහෝ ගණනක් ආක්‍රමණය කරමින් පවතිනවා.

ශ්‍රී ලංකාවේ ද කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව, බියගම, වත්තල, මතුගම සහ බිංගිරිය යන ප්‍රදේශවලින් මෙම නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූවන් සොයා ගනු ලැබුවා.

අනෙක් කොවිඩ් ප්‍රභේදයන්ට සමගාමීව මෙම වෛරස් ප්‍රභේදය පැතිර යාම 50%කින් ඉහළ බවත් එම වෛරස් ප්‍රභේදය ආසාදනය වන පුද්ගලයින් මරණයට පත්වීමේ ප්‍රතිශය ඉතා ඉහළ බවත් විද්‍යාඥයින් විසින් මේ වන විට සොයා ගෙන තිබෙනවා.

මෙම නවතම දත්ත මෙතෙක් බ්‍රිතාන්‍ය රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැතත් ඔවුන්ගේ රජයේ වෙබ් අඩවියේ ( www.gov.uk ) මේ බව පළකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu