Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෛරසය ආසාදිතයින්ගේ නිරෝධායන කාලය අඩු කෙරේ, එන්නත සාර්ථකයි

කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ දින 14ක නිරෝධායන කාලය දින 10 දක්වා අඩු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. 

එසේ නිරෝධායන කාලය අඩු කරනු ලබන්නේ වෛරසය වැළඳී රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින්ගේ නිරෝධායන කාලය පමණි.

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයෙකුගේ සාම්පල ලබා ගත් දිනයේ සිට දින 10ක් ඉදිරියට මෙසේ ගණනය කිරීම සිදුවනු ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ.

කොරෝනා ආසාදිත යැයි තහවුරු වීමෙන් පසු පුද්ගලයෙකු දින 14ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල ගතකළ යුතු වුවත් ඔවුන් වෛරසය ව්‍යාප්ත විය හැකි බවට සැලකෙන දින 10 කාල සීමාව පමණක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවා තබා ගන්නා අතර ඉතිරි දින 4ක කාලය නිවසේ නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙරට දැනට භාවිතා කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මේ වන විට සාර්ථක ප්‍රතිපල පෙන්වන බව  වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩි දුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu