Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දකුණු අප්‍රිකාවේ ශීඝ්‍රයෙන් පැතිරෙන වෛරස් ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ, ලංකාව බ්‍රිතාන්‍යයට යළි විවෘත වෙයි

කුණු අප්‍රිකාවෙන් හමුවූ ශීග්‍රයෙන් ව්‍යාප්තවන කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් එක්සත් රාජධානියෙන් ද සොයාගෙන තිබෙනවා.

එංගලන්තයෙන් 36 දෙනෙක් ද වේල්සයෙන් එක් ආසාදිතයෙක් ද හමුවී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එක්සත් රාජධානිය තුළ මෙම නව ප්‍රභේදය ආසාදනය වූ සමස්ත පුද්ගලයින් ගණන 147ක්.

නැමැති මෙම නව වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හමුවූ ප්‍රදේශවල ගෙයින් ගෙට ගොස් පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාවයක් මතිවන තරමට මෙම ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම නව ප්‍රභේදය 'සැලකිය යුතු විකෘතිතා' සහිත එකක් බව පෙනී යන බව එරට විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

දකුණු අප්‍රිකාව තුළ මෙම නව වෛරස් ප්‍රභේදය පැතිර යාම හේතුවෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම දකුණු අප්‍රිකාව විසිනත් හි‍ටුවා තිබෙනවා. නව ප්‍රභේදය එන එන්නතට ඔරොත්තු නොදීම එයට හේතුවයි. 

බ්‍රිතාන්‍යයේ මෙම නව වෛරස් ප්‍රභේද ආසාදිතයින් මෙසේ හමු වුවත් එංගලන්තයේ සිට මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා පනවා තිබූ තාවකාලික තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ‍රැස්වීමක දී සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කරන ලද දින 14ක නිරෝධායන හා පී.සි.ආර් පරීක්ෂණවලට යටත්ව එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණීම සඳහා ඇති සීමා ලිහිල් කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය නිකුත් කරමින් කියා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu