Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පකිස්තානයත් කොරෝනා මාරයා ගිල ගන්නා ලකුණු, ඉන්දියාවෙන් වහාම පිටවන ලෙස අමෙරිකා පුරවැසියන්ට දන්වයි

කුණු ආසියානු රටවල සීඝ්‍රයෙන් පැතිරයන කොවිඩ් ‍රැල්ල පකිස්තානයට ද දැඩි බලපෑම් එල්ල කිරීමට පටන් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර් තා කරනවා. 

එරට කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය ලක්ෂ 8කට ආසන්න ලෙසත් මරණ සංඛ්‍යාව දහ හත්දහසකට ආසන්න ලෙසත් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වී තිබුණත් එහි සැබෑ තත්ත්වය ඊට වඩා බෙහෙවින් වැඩි බවයි එම වාර්තා වල සඳහන් වන්නේ. 

මේ වන විට එරට නගර ‍රැසක්ම අගුලු දමා ඇති අතර ඇතැම් පළාත්වල ඔක්සිජන් හිඟයක් ද ඇතිව තිබෙන බව සඳහන් වනවා. 

මේ අතර ඉන්දියාවේ ඊයේ දිනයේ දී පමණක් කොවිඩ් වෛරස ආසාදිතයින් 3,79,257 ක් වාර්තා වී තිබූ අතර මරණ සංඛ්‍යාව 3,645 ලෙස වාර්තා වී තිබුණා. මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 1.83 ඉක්මවා ගොස් තිබෙනවා. 

මේ තත්ත්වය හමුවේ හැකි වහාම ඉන්දියාවෙන් පිටවන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට සිටින තම පුරවැසියන්ට උපදෙස් ලබා දී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu