Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දරුවන් වෛරසය නිසා දැඩි අවදානමේ, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දිය යුතු බවට ඉල්ලීමක්

children-are-at-high-risk-for-the-virus
දැනට පැතිරයන කොවිඩ් ‍රැල්ල නිසා වෛරසය දරුවන්ට ඉතා සීඝ්‍රයෙන් වැළඳිය හැකි බැවින් අවුරුදු 12ට අඩු දරුවන්ට ද ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම වැදගත් බව රිජ්වේ ආර්යා ලමා රෝහලේ ළම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. 

රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලැබූ දරුවන් 05 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවත් දරුවන් දහසකට වැඩි පිරිසකට දැනටමත් මෙම වෛරසය ආසාදනය වී ඇති බවත් ඒ මහතා පවසනවා.

රිජ්වේ ළමා රෝහල තුළ ද වෛරසය ආසාදිත දරුවන් තුන්සියයක් පමණ ප්‍රතිකාර ලබා ඇති බව ද ඉන් පිරිසක් අයි.ඩී.එච් රෝහල ඇතුළු වෙනත් රෝහල් වෙත මාරුකර යවා ඇති බවත විශේෂඥ වෛද්‍යවරයා වැඩි දුරටත් පවසනවා. 

මෙම තත්ත්වය නුදුරේ දී තව දුරටත් වැඩි විය හැකි බැවින් දරුවන් නිවෙස්වලින් පිටතට නොයැවීමට දෙමව්පියන් වගබලා ගත යුතු බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරනවා. 


ආශ්‍රිත : මව්බිම පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu