Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සේවයට වාර්තා කලත් වැ‍ටුප් විෂමතා ගුරු අරගලය දිගටම

ද (25) සිට  1වසට සිට 5 වසර දක්වා උගන්වන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇති නමුත් දරුවන්ට උගන්වමින් අරගලය ඉදිරියට ගෙන යාමට තීරණය කල බව ලංකා ගුරු සංගමය පවසනවා. ඒ අනුව අද පස්වරු 2 ට දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. 

උදෑසන 7.30 සිට 1.30 දක්වා ඉගෙනුම් ක්‍රියාවලිය, දරුවන්ගේ විනය කටයුතු සහ පෞරුෂ වර්ධනය හැර අනෙකුත් සියළුම බාහිර කටයුතුවලි ඉවත් වීමට ද තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. දරුවන්ට නිල ඇඳුම් සහ සපත්තු ලබා ගැනීමට මෙවැනි අවස්ථාවක දී දුෂ්කර බැවින් ඒ සඳහා සහනයක් ලබා දිය යුතු බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ. 

එසේම අද හෙට වැඩ වර්ජනයක් කිරීමට ගුරු -විදුහල්පති වෘත්තීය සමිති කිසිසේත්ම තීරණයක් ගෙන නොමැති බවත් ඔහු අවධාරණය කර සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu