Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ණය ගත්තොත් විශ්‍රාම වැ‍ටුප් කප්පාදුවට, රජයේ සේවකයින් අඩු කිරීමට සිදුවේවි

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය මත බොහෝ දෙනෙක් අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යා යුතු බව කියා සිටිය ද ඊට නොයාමට හේතු දක්වමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. 

එසේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආධාර ලබාගතහොත් විශ්‍රාම වැටුප් අඩුකිරීම හෝ කප්පාදු කිරීම, රජයේ සේවකයින් සංඛ්‍යාව අඩු කිරීම වැනි කොන්දේසිවලට මුහුණදීමට සිදුවන බවයි ඔහු පවසන්නේ. ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයන්හි සාමාන්‍යයෙන් එවැනි කොන්දේසි ඇතුළත් වන බව මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් කියා සිටිනවා. 

ණය ප්‍රශ්නයට මූලික හේතුව වී ඇත්තේ 2008 අප්‍රේල් මස සිට 2019 ජූනි මාසය දක්වා ඇමරිකානු ඩොලර් බිලියන හයයි දශම නවයක් මේ රටට ණය හැටියට ගැනීම බවත් එම කාලය වනවිට අපේ රටේ තිබුණු ණය ප්‍රමාණයට සෑහෙන දැඩි පීඩනයක් පැමිණි බවත් ඔහු කියා සිටිනවා. එසේම 2014 දී රටේ අන්තර්ජාතික ස්වෛරීය බැඳුම්කර ලෙස ඇමරිකානු ඩොලර් බිලියන පහක් තිබූ බවත් රටේ දළ දේශීය නිෂ්පාදිතය බිලියන 79ක් තිබූ බවත් ඔහු පෙන්වා දෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu