Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දකුණු අප්‍රිකාවෙන් හමුවූ මාරාන්තික විකෘති කොවිඩ් ප්‍රභේදය නිසා ලංකා රජය ගත් තීරණය

ද (27) මධ්‍යම රාත්‍රී 12 සිට දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, සහ නැම්බියා යන රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙරටට පැමිණීම තහහනම් කර තිබෙනවා. 

ඒ දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් එම රටවලින් හඳුනාගෙන ඇති බැවින්. 

ඒ අනුව විදේශිකයින්ට මෙන්ම එම රටවල සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට ද මෙරටට පැමිණීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා. 

යම් පුද්ගලයෙකු මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණීමට පිටත්ව ඇත්නම් එලෙස පැමිණෙන පිරිස් නිරෝධායනයට යොමු කිරීමට ද සෞඛ්‍ය ආමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 

මෙම විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් හමු වූ දකුණු අප්‍රිකානු රටවලින් පැමිණෙන මගීන්ට බ්‍රිතාන්‍යය, ජර්මනිය, ජපානය, ඉතාලිය, ඊශ්‍රායලය සහ සිංගප්පූරුව යන රටවල් ද දැනටමත් සංචාරක තහංචි පනවා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu