Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අධික වැසි සමඟ මහ සැඬපහරට යටවුණු තිරුපති - VIDEO

න්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට ඇඳහැලෙමින් පවතින ධාරානිපාත වර්ෂාව නිසා එහි ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී තිබෙනවා. එම නිසා සුප්‍රසිද්ධ තිරුමාලා සහ තිරුපති ප්‍රදේශවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රභූන් අතර අනුහස් සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ තිරුපති කෝවිල අධික වැසි  නිසා හදිසියේ වේගයෙන් ගලා ආ ජල කඳක් හේතුවෙන් යටවී ගොස් තිබෙනවා. 

ශුද්ධ වූ කඳු පෙලක් ලෙස සැලකෙන තිරුමාලා කඳුවැටියේ සිට මඩ මිශ්‍රිත මහා ජලකඳක් අනපේක්ෂිත අයුරින් වේගයෙන් ගලා එන ආකාරයේ වීඩියෝ මාධ්‍ය හරහා ද ප්‍රචාරය වෙමින් තිබෙනවා. 

කෝවිල අවට ජනතාව ජීවිත බේරා ගැනීමට නිවෙස් අතහැර උස් ස්ථානවලට ගමන කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu