Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස් ගාස්තු වැඩිවන දිනය ගැන තීරණයක්

න්ධන මිල විශාල ප්‍රමාණයකින් ඉහළ යාමත් සමඟම බස් ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන බදාදා සිට බස් ගාස්තු වැඩි කිරීමට නියමිත බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසන්නේ. 

පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් සහ ප්‍රවාහන අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ඊයේ (22) පැවැත් වුණා. එහිතී මෙම තීරණවලට එළඹ ඇති අතර ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අදාළ කටයුතු සිදු කරන ලෙස ජාතික ගමනාගමන කොමිශන් සභාවේ සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා. 

මේ අතර පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය ද තීරණය කර ඇත්තේ පාසැල් ළමුන් ප්‍රවාහන වෑන් රථ ගාස්තු ද 20%කින් ඉහළ නැංවීමට කටයුතු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu