Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් මර්දන විශේෂ කමි‍ටුවෙන් අළුත් තීරණ ‍රැසක්

කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ අද (10) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී තීරණ කිහිපයක් ගනු ලැබුවා.

එළැඹෙන උත්සව සමයේදී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත්‍රා එන්නත (භූස්ටෙර්) ඉදිරි දෙසතිය තුළ ලබා දී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට  උපදෙස් ලබා දුන්නා. දෙවන මාත්‍රාව ද ලබාගෙන මාස 03ක් සම්පූර්ණ කළ සියලු දෙනා අධි මාත්‍රාව ලබාගැනීමට සුදුසුකම් සපුරාලන අතර එන්නත ලබාදෙන ඕනෑ ම ස්ථානයකින් හෙට සිට දිනපතා අධි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ගැනීමට අවස්ථාව සැලසෙනවා.

සිදු කළ නිරීක්ෂණයන්ට අනුව මේ දිනවල වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් ඉහළ ප්‍රතිශතය එන්නත නො ගත් අය වන අතර, ඉන් බහුතරය තරුණ පිරිස බව සෞඛ්‍ය අංශ නිලධාරීන් පෙන්වා දෙනවා. කොවිඩ් ආසාදිත ව අසාධ්‍ය වීම සහ මරණ සංඛ්‍යාව අවම කරගැනීමට එන්නත ලබා ගැනීම අනිවාර්යයෙන් සිදු විය යුතු බවත් මේ පිළිබඳ තරුණ පිරිස් දැනුවත් කර, කඩිනමින් එන්නත ලබා දීමට පියවර ගන්න ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. 

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට එන්නත නො ගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළු වීම වැළැක්වීම සඳහා මේ වන විට  නීති උපදෙස් ගෙන තිබෙන අතර එය සැලකිල්ලට ගෙන, ඉදිරියේදී පොදු ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට කොවිඩ් කමිටුව අද තීරණය කළා. 

වයස අවුරුදු 16 – 19ත් අතර දරුවන්ට දෙවන මාත්‍රාව සහ 12 – 15ත් අතර සියලු දරුවන්ට පළමු මාත්‍රාව ලබා දීමට ද අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සැලසුම් කොට එන්නත ලබා දීමට කඩිනමින් කටයුතු කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. 

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් තිබෙන බවත් මෙහිදී පෙන්වා දුන් අතර ගුවන් සමාගම් ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කර තිබෙනවා. ඒ අනුව සංචාරක ව්‍යාපාරයේ පවතින ප්‍රවර්ධනය සැලකිල්ලට ගෙන, පනවා ඇති සීමා තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu