Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදුලි කප්පාදුව සිදු කරන දින ගණන ගැන ප්‍රකාශයක්

අද (12) සිට ඉදිරි දින 10ක කාලයක් අවශ්‍යතාවය මත විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව රජය ප්‍රකාශ කරනවා. ඒ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සිදුව ඇති දෝෂයන් යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින 10ක පමණ කාලයක් ගතවන බැවින් යැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පවසන්නේ. 

දිවයිනේ ප්‍රදේශ කොටස් 4කට බෙදා පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලයේ දී අවශ්‍යතාවය මත පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලය තීරණය කලා. ඉරිදා දිනය හැර සඳුදා සිට සෙනසුරදා දක්වා දිනපතා මෙසේ විදුලි කප්පාදුව සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu