Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එළවළු බීජ මෙරට තුළම නිපදවීමට පියවර ගැනේ

මෙරටට අවශ්‍ය එළවළු බීජවලින් 80%ක් මෙරට කෘෂිකාර්මික ගොවිපල තුළ නිෂ්පාදනය කර ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.  මේ අතර වී ගොවිතැන සඳහා දෙකන්නයට අවශ්‍ය බිත්තර වී අවශ්‍යතාවයෙන් මේ වන විට ⁣කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කරනුයේ 15%ක ප්‍රමාණයක්. මෙම ප්‍රමාණය 25%ක් දක්වා 2022 වර්ෂය තුළ වැඩි කිරීමට දෙපාර්තමේන්තුව පියවරගෙන අති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

එමෙන්ම අතිරේක බෝග බීජ නිෂ්පාදනය 18% සිට 30% දක්වා ද බීජ අල නිෂ්පාදනය 40% සිට 80% දක්වා වැඩි කර ගැනීමට ද අපේක්ෂිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu