Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වනිඳුට, ධනංජයට සිම්බාබ්වේ තරඟාවලිය අහිමි වෙයි

සිම්බාබ්වේ සමඟ ලබන 16 වන දින ආරම්භ කිරීමට නියමිත තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නා වන වනිඳු හසරංගට අහිමි වී තිබෙනවා. ඒ පසුගියදා නිමාවට පත් වූ තරඟාවලියේ අවසන් මහා තරන්ඟයේ දී ඔහුගේ කලවා ප්‍රදේශයේ ආබාධයක් ඇති වීම හේතුවෙන්. 

නමුත් ලබන පෙබරවාරි මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත 20-20 ක්‍රිකට් තරඟාවලියට වනිඳු හසරංගට  සහභාගී වීමට හැකි වේ යැයි අපේක්ෂා කරනවා. 

එසේම ධනංජය සිල්වා ද එළඹෙන සිම්බාබ්වේ තරඟාවලියට සහභාගී වන්නේ නැහැ. ඔහු පිය පදවිය ලැබීමත් සමඟම මෙම තරඟාවලියෙන් ඉවත් වීමට ක්‍රිකට් ආයතනයෙන් මීට ඉහත දිනක දී ඉල්ලා තිබෙනවා. 

මේ අතර සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ලාල්චන්ද් රාජ්පුත්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (10) දිවයිනට පැමිණීමෙන් ආනතුරුව සිදුකල ‍රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ දී මේ බව අනාවරණය වුණා. ඔහු මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu