Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වනිඳු හසරංගට ඉතිරි 20-20 තරඟ තුනම අහිමි වේ ?

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලම තුරුම්පුව වන වනිඳු හසරංගට අද ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන 20-20 තරඟයට සහභාගී වීමේ අවස්ථාව ගිලිහී තිබෙනවා. ඒ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි. 

මේ හේතුවෙන් වනිඳු හසරංග අනෙකුත් 20-20 තරඟයන් සඳහා සහභාගී වීම ද අවිනිශ්චිත තත්ත්වයක පවතිනවා.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උප් අනායක ස්ටීවන් ස්මිත්ට ද ඉතිරි 20-20 තරඟ තුනම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ දෙවන 20-20 තරඟයේ දී පන්දු රකිමින් සිටියදී ආබාධයට ලක් වීම හේතුවෙන්. ඔහු හයේ පහරක් නතර කිරීම සඳහා දැඩි උත්සාහයක් දරන අතර තුර ඔහුගේ හිස තදින් පොළොවේ වැදී තිබුණා. එම අනතුර හේතුවෙන් ස්ටීවන් ස්මිත් යම් කමපන තත්ත්වයකට මුහුණ දී ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ. මේ තත්ත්වයෙන් මිදීමටත් නැවත පුහුණුවීම් සඳහා එක්වීමටත් ඔහුට තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරන්නේ. කෙසේ වෙතත් ඔහු වෙනුවට වෙනත් ආදේශක ක්‍රීඩකයෙකු පත් නොකරන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu