Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට රුපියල් මිලියන 50ක්

flood, relief

යහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පවුල් 6,018ක පුද්ගලයින් 24,492ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ වනවිට දැනුම් දී තිබෙනවා. 

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් දිස්ත්‍රික්කවල ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසත්, සහන සේවා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇති බව ද සඳහන්.

එසේම ලබාදීමට නියමිත සහන නිසි පරිදි සම්බන්ධීකරණය කරන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ. මේ වනවිට අපාදාවට පත් සියලුම දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් සහන සේවා ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව ආපදාවට ලක්වූ  පවුල් 584ක පුද්ගලයන් 2200ක් සහන මධ්‍යස්ථාන 23ක ආරක්ෂිතව රඳවා තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඇමතුම් මැදිරිය 117 සහ 0112136136, 0112136222, 0112670002 යන දුරකථන අංකවලට ඇමතීමෙන් හදිසි තත්ත්වයන් පිළිබඳ තොරතුරු දැනුම් දිය හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu