Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දීය ගුවන්යානා දහයකට බෝම්බ තර් ජන


න්දීය ගුවන් යානා 10කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගතවූ පැය 48 තුළ මෙලෙස සමාජමාධ්‍ය හරහා තර්ජන ලැබී ඇති අතර ඇතැම් තර්ජන ලන්ඩනය සහ වෙනත් රටවලින් එවා ඇති බවටයි වාර්තා වන්නේ. 

මේ වන විට ගුවන් තොටුපලවල ත්‍රස්ත මර්දන අභ්‍යාස සිදු කිරීමට ආරක්ෂක ඒජන්සි ක්‍රියාත්මකව සිටින අතර යාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් ජනාකීර්ණ ප්‍රදේශවලින් ඉවතට ගෙන යාම සඳහා සිංගප්පූරු සන්නද්ධ හමුදා ප්‍රහාරක ජෙට් යානා දෙකක් චැංගි ගුවන් තොටුපළට ලඟාවී තිබෙනවා. 

ජායිපූර් සිට අයෝධ්‍යාව හරහා බැංගලෝර් දක්වා යන ගුවන්යානය, බැග්ඩෝග්‍රා සිට බැංගලෝර් දක්වා යන ගුවන් යානය, දර්බංගා සිට මුම්බායි දක්වා යන ගුවන්යානය, අම්රිත්සාර් සිය ඩේරාඩුන් දක්වා යන ගුවන් යානය, දිල්ලි සිට චිකාගෝ දක්වා යන ගුවන්යානය, දම්මාම් (සෞදි අරාබිය) සිට ලක්නව් දක්වා යන ගුවන් යානය, මදුරෙයි සිට සිංගප්පූරුව දක්වා යන ගුවන් යානය යන ගුවන් යානා තර්ජනයට ලක්වූ ගුවන්යානා අතර වනවා. 

මෙලෙස බෝම්බ තර්ජන එල්ල කල සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයක් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඒවා අත්හිටවූ බවයි එරට පොලීසිය පවසා ඇත්තේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu