Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අපේක්ෂකයින්ගේ මනාප අංක ලබාදීමට සාකච්ඡා, ප්‍රචාරණ වියදම් වාර්තා නොදුන් අයට නීතිය


පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම ඉදිරි දින දෙකේ සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. සියලු දිස්ත්‍රික්කවල මනාප අංක සහිත අපේක්ෂක ලේඛන මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී අතර එම අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ ලේඛන දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ. 

මේ අතර පසුගිය ජනාධිපතිවරණයේ දී ප්‍රචාරණ වියදම් වාර්තා නියමිත පරිදි ලබා නොදුන් ජනාධිපති අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා තිබෙනවා. එසේම එලඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළවද එක් අපේක්ෂකයෙකු විසින් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි මුදල් සීමාව පිළිබඳව ද දැනුම් දීමට නියමිතයි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu