Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

IDH රෝහලෙන් පැනගිය පුද්ගලයා ගමන් ගත් මාර්ගය ගැන දුන් තොරතුරු අසත්‍යයි

I
DH රෝහලෙන් පැනගිය කොරෝනා රෝගියා එසේ රෝහලෙන් පැන යන අවස්ථාවේ දී ගමන් ගත් මාර්ගය සම්බන්ධයෙන්ලබා දුන් තොරතුරු අසත්‍ය බව හෙළිවී තිබෙනවා. මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා.

ඔහු ඉදිරිපත් කළ තොරතුරු අසත්‍ය බව අනාවරණය වීමත් සමඟම ඔහු රෝහලේ සිට කොළඹ කො‍ටුව දක්වා ගමන් කළ ආකාරය කැමරා සහ වෙනත් සාක්ෂිකරුවන් මාර්ගයෙන් විමර්ශනය කිරීමේ දී තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඔහු රෝහලෙන් පලා යමින් සිටිය දී අතර මඟ නිවසකට ඇතුළු වී ඔහු ඇඳ සිටි ඇඳුම් ගලවා එම නිවසේ තිබූ ඇඳුම් ඇඳ එහි තිබූ පාපැදියක් ද සොරාගෙන පැන යන ආකාරය මෙම විමර්ශනවලදී සොයාගෙන ඇති බව සඳහන්.

එම පුද්ගලයා ඇතුල් වූ නිවස මේ වන විට  විෂබිජහරණයට ලක් කර තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.

වගකීම් විරහිතව ක්‍රියා කල මෙම පුද්ගලයා සම්බන්ධයෙන් නිරෝධායන පනත සහ දණ්ඩ නීති සංග්‍රහය අනුව ඉදිරියේ දී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu