Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වසංගත රෝග සාර්ථකව පාලනය කල රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන තැන

YICAI පර්යේෂණ වාර්තාවකට අනුව වසංගත පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ දෙවැනි තැනට පත් වී තිබෙනවා. එම ආයතනය විසින් වසංගත රෝග සාර්ථකව පාලනය කරන ලද රටවල් ලැයිස්තුගත කර තිබෙනවා.

චීනය එහි පළමුතැන ලබා තිබෙනවා. කොරෝනා ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව කිසිඳු පක්ෂග‍්‍රාහීත්වයකින් තොරව ගෝලීය පිළිගැනීමක් ලැබිය යුතු බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබෙනවා.

කොරෝනා ආසාදිතයින් 85, 351 ක් සහ මරණ 4634ක් වාර්තාවන චීනය මේ වන විට කොරෝනා ආසාදිත රටවල් ලැයිස්තුවේ 44 වන ස්ථානයේ පසුවන අතර කොරෝනා ආසාදිතයින් 3,349 ක් වාර්තා වන ශ‍්‍රි ලංකාව එම ලැයිස්තුවේ පසුවන්නේ 139වන ස්ථානයේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu