Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් වසංගතයෙන් දෙමව්පියන් අහිමි දරුවන්ට රජයෙන් සහනයක්

කොවිඩ් වෛරසය වැළඳීම නිසා දෙමව්පියන් අහිමි වූ වයස වුරුදු 20ට අඩු දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට රජය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විස්තර පළාතේ ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබා ගත හැකියි. 

ඒ සඳහා අයදුම් කිරීමට පහත ලියවිලි අවශ්‍යවනවා. 

1. මව/පියාගේ මරණ සහතිකයේ සහතික කළ පිටපත

2. දරුවන්ගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත

3. මරණය සිදු වූ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයාගේ තහවුරු කිරීමේ ලිපිය

4. දරුවන් පාසල් යන බවට විදුහල්පතිවරයාගේ තහවුරු කිරීමේ ලිපිය 

ඉහත ලියවිලි සමඟ අයදුම්පත් ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවර "කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලින් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම" ලෙස සටහන් කර; ලේකම්, කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල, ජනාධිපති කාර්යාලය, කොළඹ 01 ලිපිනයට යොමුකල හැකියි. 

නැතහොත් info@itukama.lk විද්‍යුත් ලිපිනයට යොමු කිරීම කල හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu